ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ.
එහි දැක්වෙන්නේ මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් විදේශීය ආයතන විසින් මෙරට ජනතාව නොමඟ යවන බවයි.
විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහඳතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී තිබේ.
ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අවධානයට යොමු වී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය ලෙස අන්තර්ජාලය මගින් සිදු කරන වංචාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියාකරන අතර මෙම ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බව දන්වා සිටියි.
වැරදි තොරතුරු සහ වංචනික තොරතුරු ප්‍රචාරය කිරීම සිදු නොකරන ලෙසත්, එවැනි ප්‍රචාරයන් පිලිබඳ වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසත් සියලු ජනමාධ්‍ය සංවිධාන සහ සමාජ මාධ්‍ය ක්‍රියිකාරිකයින්ගෙන් ඉල්ලා සිටියි.