අගෝස්තු 09 වෙනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන්නැයි සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය පක්ෂයේ සභාපති වරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ ස්ථාවරය නොවන බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙහි දී සමගි ජන බලවේගය විසින් කළ යුතු පියවර මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවකි.