අගෝස්තු මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම පිණිස ඩොලර් මිලියන 150ක මුදලක් වත් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති බැවින් අගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. එනිසා ඉන්ධන ආනයනය සඳහා මසකට අවශ්‍ය කරන ඩොලර් මිලියන 550 ක පමණ මුදල සොයා ගැනීමට විකල්ප ක්‍රමවේද කරා යා යුතුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි