අඩුකළ සහනය ලබා නොදෙන වෙළඳුන් වටලයි

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේ, ඒ අනුව ඉදිරි දිනවල දිවයින පුරා වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

කාලීන පුවත්