අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම ගැන විගණන වාර්තාවක් එළියට

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී පවතින නීතිරීති සහ රෙගුලාසීවලට අනුගතවීම අනිවාර්යය කළ යුතු බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

එම කාර්යාලය පෙන්වා දෙන්නේ, අදාළ ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරුන් වෙත සිදුකරනු ලබන බලපෑම් ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳ සිදුකළ විශේෂ විගණන වාර්තාවක් මඟින් ජාතික විගණන කාර්යායලය මේ බව පෙන්වා දී තිබේ.

2020 ජනවාරී මස පළමු වන දින සිට 2022 මැයි 31 වන දින දක්වා කාලය තුළ දී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව මෙම විගණන වාර්තාව සිදුකර ඇති බව වාර්තා වේ.

කාලීන පුවත්