අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළට

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත පැවසීය.

ඊයේ (11) රාත්‍රී 9 වන විට දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 54 ක් වශයෙන් සදහන්ව තිබූ බව සදහන් කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා , පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවද සදහන් කළේය.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කාලීන පුවත්