අත්‍යාවශ්‍ය සේවා ආයතන හැර සෙසු රාජ්‍ය ආයතන සිකුරාදා දිනවල වැසෙයි

අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලයක් සඳහා සතියේ සිකුරාදා දිනවල වසා දැමීමටත් ඒවායේ කාර්ය මණ්ඩල වලට සතියේ සිකුරාදා නිවාඩු දිනයක් බවට පත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට සිය ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බැවින් සතියේ සිකුරාදා දිනවල නිවාඩු ලබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීමට වගා කටයුතු සිදුකරගන්නට ඉඩ සළසා දීම පිණිස මෙම පියවර ගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි

කාලීන පුවත්