නව යුවලක් විවාහ වීමෙන් පසු එළැඹෙන මුල් දින කිහිපය ‘මධු සමය’ ලෙස හඳුන්වනු ලැබේ. එහෙත්, මේ මධු සමය යන්න බටහිර සංස්කෘතික රටාව තුළ Honeymoon යන වදනින් සිංහල භාෂාවට එක් වූවකි.
බටහිර සංස්කෘතිය තුළ දින කිහිපයක් වෙන්ව ඇති මෙම මධු සමය අපගේ දේශීය සංස්කෘතිය තුළ එක් රාති‍්‍රයකට පමණක් සීමා වෙයි. අතීතයේ එය ප‍්‍රකටව පැවැතියේ ‘මඟුල් දා රෑ’ යනුවෙනි.
එමෙන්ම බොහෝ විට මනාල යුවල එම රාති‍්‍රය මනාලයා ගේ නිවසේ ගත කළ යුතු අතර එම යුවලට මංගල රාති‍්‍රයේ සයනය කිරීම සඳහා රෙදි නැන්දා විසින් යහනට එළන ලද පිරුවටය පරීක්ෂා කොට පසුදා උදයේ මනාලියගේ චරිත පාරිශූද්ධිය පරීක්ෂා කරන කෙසේවත් විද්‍යාත්මක නොවූ චාරිත‍්‍රයක් ද අතීත සමාජයේ ප‍්‍රචලිතව පැවැතිණ.
මෙසේ තරුණයන් හා විවාහ වන ඇතැම් තරුණියන් කලින් පෙම් සබඳතාවයන්ට නොඑළඹුණු තැනැත්තියන් වුව ද තවත් තරුණියන් පිරිසක් කලින් වෙනත් තරුණයන් හා පෙම් සබඳතා පැවැත් වූ අය වූහ.
නමුදු විවාහ වීමට පෙර තරුණයන් හා පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වීම එවක සමාජ සංස්කෘතික පදනම අනුව බරපතල වරදක් සේ සැලකිණ. විසි වන සියවසේ මුල භාගයේ මෙරට ජනතාව අතරේ සාක්ෂරතාව ප‍්‍රචලිත වුව ද ‘හොර ලියුම් ලිවීමට පුරුදු වෙතැ`යි එවක වැඩිහිටියන් තරුණ දියණි වරුන්ට අකුරු ලිවීම හුරු නොකළ බව ද ප‍්‍රකට කරුණකි.
බටහිර සංස්කෘතිය තුළ ඓතිහාසික පසුබිමක් පවා හිමි පෙම් හසුන් වලට මීට දශක හත අටක් දක්වා කාලය තෙක් අප සමාජයේ ‘හොර ලියුම්’ යන නිග‍්‍රහාත්මක නමක් පටබැඳුණු බව මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ගේ ‘විරාගය’ වැනි සම්භාවනීය නවකතා වලින් පවා තහවුරු වෙයි.
මේ ආකාරයෙන් විවාහයට පෙර තරුණයකු හා පෙමින් වෙලී සිටි තරුණියක කිනම් හෝ හේතුවක් මත වෙනත් තරුණයකුට විවාහ කර දෙනුයේ බොහෝ විට ඒ මුල් සම්බන්ධතාව රහසක් වශයෙන් තබා ගනිමිනි.
ඊට හේතුව වෙනත් තරුණයකු හා පෙමින් වෙලී සිටි තරුණියක තම පුතුට විවාහ කර දීමෙන් යුග ජීවිතයේ කුමක් හෝ හැලහැප්පීමක් සිදු වූ සැනින් එම තරුණිය නැවත තම ‘පළමු තේරීම’ වෙත යොමු විය හැකි බවට එම තරුණයාගේ මාපියන් තුළ පැවැති සාධාරණ සැකයයි. නමුදු එලෙස තරුණයකු හා පෙමින් වෙලී හිඳ වෙනත් තරුණයකු හා විවාහ වන තරුණිය සේම ඇතැම් විට ඇගේ පවුලේ ඥතීහු එය රහසක් කොට තබා ගැනීමට නිරායාසයෙන්ම පෙළඹුනහ.
අද අපගේ මාතෘකාවට බඳුන් වන ‘කලවා බන්ධනය’ නම් ගුරුකමට පොට පෑදෙන්නේ එතැනිනි. බොහෝ විට මෙම ගුරුකමට පෙළඹෙනුයේ එම තරුණියට මුලින් පෙම් කොට පරාජයට පත් තරුණයා සහ ඔහුගේ පාර්ශවයේ කිහිප දෙනකු විසිනි. එම ගුරුකම් කි‍්‍රයාවලිය සරලව දැක්වුවහොත් මෙලෙසිනි.
මෙවන් ‘බන්ධන’ කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ඇදුරෙකු ගේ මෙහෙය ඒ සඳහා අවශ්‍යම වෙයි. එමෙන්ම ඒ තරුණිය දීග යන ගම් ප‍්‍රදේශය සහ තරුණිය මංගල රාත‍්‍රිය ගත කරන මනාලයාගේ නිවස ද කල් තියා හරිහැටි දැන සිටිය යුතුම ය.
ඒ අනුව මනාලයා පැමිණ එම මනාලිය තම නිවසට කැන්දාගෙන යාමේ දී එම පරාජිත පෙම්වතා ඇදුරා ඇතුළු තවත් කීප දෙනෙක් අදාල ගුරුකම සඳහා අවශ්‍ය තොවිල් බඩු ද රැගෙන රහසිගතවම මනාලයාගේ නිවසට තරමක් ආසන්න ස්ථානයක් වෙත යා යුතු වෙයි.
පසුව මනාලිය මනාලයා ගේ නිවසට සේන්දු වන මොහොතේ කිසියම් රහසිගත ස්ථානයක මල් බුලත් පුටුවක් තනා ඒ කලවා බන්ධනය සිදුකිරීමට අවශ්‍ය මන්ත‍්‍ර ඒ ඇදුරා විසින් රහසින් ජප කළ යුතු ය.
මෙසේ ජප කොට නිම වන විට රාතී‍්‍ර නවය පමණ වන්නේ යැයි සිතමු. ඒ සමඟම එළැඹෙනුයේ එම මංගල රාති‍්‍රය ගත කිරීම සඳහා නව යුවල යහන් ගත වන මොහොතයි. එහි දී එළැඹෙන නිසි හෝරාවක දී ඇදුරා ඒ මල් බුලත් පුටුව මත තිබූ පුහුල් ගෙඩිය දෙපළු කොට කැබලි දෙක දෙපසට වීසි කොට මහ හඬින් මන්ත‍්‍ර ජප කරමින් බෙර වයන්නට පටන් ගනී.
එවිට ඒ බන්ධනය හරිහැටි කි‍්‍රයාත්මක වුවහොත් එය ඇසෙන මානයේ සිටින එම මනමාලියගේ කලවා යුගලය කිසි ලෙසකින් ඉවත් කළ නොහැකි ලෙස එකට ඇලී පවතී. ඒ හේතුව මත මංගල රාති‍්‍රයේ තම නව සහකරු සමඟ කායික සම්භෝගයක් පැවැත්වීමේ අවකාශය මුලූමනින්ම ගිලිහී යයි.
මින් එම මනාලයා පත් වන අසීරුව පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එමෙන්ම මෙම කලවා බන්ධනය එදින රාති‍්‍රය පුරාම සේම තම සහකරු සමඟ යහන් ගත වීමට සැරසෙන සෑම විටෙකම එපරිද්දෙන්ම ක‍්‍රියාත්මක වෙයි. ඒ අනුව ඔවුන් ඇරඹූ නව යුග දිවියට අත්වන ඉරණම පිළිබඳව ද අමුතුවෙන් කිව යුතු නොවේ.
තම අලුත් මනාලිය තුළ දක්නට ලැබෙන මෙවන් තත්වයක් කිසිදු මනාලයකුට පි‍්‍රයමනාප නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම තම අලූත් යුග දිවියේ අසාර්ථක බවට ඉවහල් වන මෙම බරපතල අඩුපාඩුව ඉබේටම ඔහුගේ මුවින් පිටවනු ඇත. එවිට ඒ සම්බන්ධයෙන් මනාලයාගේ දෙමාපියන් වෙතින් මනාලිය බරපතල ප‍්‍රශ්න කිරීමකට ලක් වනු ඇත.
එහෙත්, ඊට පිළිතුරු දී ගත නොහැකිව ඇය අසරණ වන විට අනතුරුව මනාලයා ගේ පාර්ශවයෙන් මනාලිය ගේ පාර්ශවයට දෝෂාරෝපණයක් එල්ල වීම කෙසේ වත් වැලැක්විය නොහැක. එහෙත්, එවන් අවස්ථාවල මනාලියගේ පාර්ශවයෙන් ලැබෙන සම්මත පොදු පිළිතුරක් ද තිබේ. එනම් මෙය එම තරුණිය හා පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වීමට වෙර දරා එය අසාර්ථක වීම හේතුවෙන් කෝපයෙන් උමතු වූවකු ගේ කි‍්‍රයාවක් විය හැකි බවය.
නැතහොත් මෙය මනමාලයාගේ පාර්ශවයේ ඊර්ෂ්‍යාකාර ඥාතියකුගේ ක්‍රියාවක් විය හැකි බවය. එමෙන්ම එවැනි පුද්ගලයන් මෙවැනි කි‍්‍රයාවන්ට පෙළඹීමට ඇති ඉඩකඩ බැහැර කිරීමට අපට ද නොපුළුවන.
මනාලියගේ පාර්ශවයෙන් අසන්න ලැබෙන එම ප‍්‍රකාශය ඇත්ත හෝ බොරු වේවා ඇය හා ගත කරන තම යුග දිවිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් තම බිරිඳ තුළ පවතින මෙම කලවා බන්ධනය කැපීම හෙවත් ඉවත් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු බව මනාලයා ඒ වන විටත් දැන ගෙන හමාර ය.
එහෙත්, එය කළ යුත්තේ ද ඉහත සඳහන් ආකාරයේම බන්ධන කැපීමේ ගුරුකමක් මගිනි. එය ද පෙර බන්ධන ගුරුකම සේම පූර්ව සැලසුමක් සහිතව කළ යුත්තකි.
එහි දී ද ඒ සඳහා තෝරා ගනු ලබන ඇදුරා පෙර පරිදිම මල් බුලත් පුටුවක් තබා එම යුවල යහන් ගත වන අවස්ථාව එළැඹි විට පෙර ඇදුරා ලෙසින් එම යුවලට ඇසෙන මානයක සිට බෙර වයමින් එම බන්ධන කැපීමේ මන්ත‍්‍ර ජප කළ යුතුවෙයි.
රැයේ පෙරයම පුරා එම යුවලගේ නිදි යහනට ඇසෙන මානයේ සිට කරන ඒ බන්ධන කැපීමේ එක් අවස්ථාවක දී එම තරුණ බිරිඳ තුළ බලපැවැත්වුණු කලවා බන්ධනය කැපී ඇගේ කලවා ප‍්‍රදේශය නිදහස් හා ලිහිල් බවට පත් වෙයි.
මීට දශක කිහිපයක් තෙක් බලසම්පන්න ගුරුකමක් සේ සැලකුණු මෙම කලවා බන්ධනය මනෝ විද්‍යාත්මකව විස්තර කළ හැක්කකි. එය නම් කෙරෙනුයේ Vaginismus යනුවෙනි.
ලිංගික සංසර්ගයක දී යෝනිය තුළට පුරුෂේන්ද්‍රිය ප‍්‍රවිශ්ඨ කිරීමට නොහැකි අයුරින් යෝනිය ආශි‍්‍රත මාංශ පේෂීන් හැකිලී ඝන බවට පත් වීම මෙහි සාමාන්‍ය ලක්ෂණයයි.
ස්තී‍්‍ර හෝමෝන අර්බුද, යෝනි මාර්ගය ආශි‍්‍රත ආසාදන ආදී කායික තත්වයන් හැරුණු කොට හුදෙක් මානසික සාධක මත රඳා පවත්නා මෙම ආබාධය ප‍්‍රාථමික සහ ද්විතීයික වශයෙන් දෙයාකාරය.
ලිංගික සංසර්ගයක් සේම කාන්තාවන් ඔසප් වීමේදී යෝනියට ප‍්‍රවිශ්ඨ කරවන ටැම්පොන් පැළඳීමක් පවා කළ නොහැකි මෙ ආබාධය මෙහි ප‍්‍රාථමික ගණයට අයත් වන අතර මුල දී එවන් තත්වයක් නොතිබී පසුකාලීනව එවැන්නක් පැන නැගීම ද්විතීයික ගණයට අයත් වෙයි.
මෙහි දී ඉතා සාමාන්‍ය ස්වභාවික සංසිද්ධික් වන ලිංගික කි‍්‍රයාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති වීම එම කටයුත්තේ ඇති වේදනාව සම්බන්ධයෙන් මනැසේ පවත්නා ව්‍යාජ උපකල්පන ආදිය මෙම තත්වයට මුල් වෙයි. පසුව එවන් ලිංගික එක්වීමකට සූදානම් වන විට එක්වරම තීව‍්‍ර ලෙසින් හටගන්නා කාංසාත්මක තත්වය (Anxiety) යටතේ කායික ව්‍යුහය ද ඊට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීම් වශයෙන් මෙම තත්ත්වය හට ගනු ඇත.
මෙම කලවා බන්ධනය ගුරුකම සම්බන්ධ සම්මත සමාජ ආකෘතියට අනුව එසේ තරුණයකු හා පෙමින් බැඳී සිට වෙනත් තරුණයකු හා විවාහ වන තරුණියක ගේ සිතෙහි එම සමාජ සංස්කෘතික පසුබිම තුළ යම් මානසික ගැටුමක්(Conflict) ඇති වීම ස්වභාවික ය.
එමෙන්ම තමන්ට සතුරු වී හිඳින මුල් පෙම්වතා තමන්ට එවන් ගුරුකමක් සිදු කරනු ඇතැයි යන අනියත බිය ද එවන් ගුරුකම් පිළිබඳව අසා දැන ඒවා විශ්වාස කරන තැණියක තුළ ඇතිවීමට පුළුවන.
එවන් තත්ත්වයක් සම්බන්ධ පූර්ව නිගමනයන් ඔස්සේ තම අභිනව සැමියා සමඟ මුල් යහන්ගත වීමේ දී සිත තුළ පවතින අවිනිශ්චිතතාවය මුල් කොට ඉහත සඳහන් කලවා බන්ධන ගුරුකමක් පිළිබඳ යම් සංඥවක් දැනුණු සැනින් ශීඝ‍්‍රයෙන් ඉහළ නැංවෙන කාංසාව මත ඉහත සඳහන් ආකාරයේ යෝනියේ මාංශ පේෂීන් හැකිලීමේ පැහැදිලි ඉඩ කඩක් පවතී.
එමෙන්ම එවන් ගුරු කමක් නොවන වෙනත් බෙර හඬක් කන් වැකීමෙන් වුවද මෙම තත්වය මෙලෙසින්ම පැන නැඟීමට පුළුවන.
මෙවන් තත්වයක් තුළ එම කාන්තාවගේ ලිංගික සබඳතා මුලූමනින් ඇන සිටීමට ඇගේ සිත තුළට සිවිසි එම නිශේධනාත්මක මානසික ඇනවුම් (Negative suggestions) සමත් වන සේම මෙහි දෙවනුව සඳහන් කළ බන්ධන කැපීම ගුරුකම මගින් ඇගේ සිතට පිවිසෙන සාධනීය මානසික ඇනවුම්( Positive suggestions) මගින් ඇය තුළ පවත්නා කාංසාත්මක තත්වය ක්ෂණිකව පහව ගොස් ලිංගික කි‍්‍රයාවෙහි ලා ඇය ප‍්‍රකෘතිමත් වීම විද්‍යාත්මකව පහසුවෙන් සනාථ කළ හැකි තත්ත්වයකි.
නමුදු මෙබඳු ගුප්ත ඇදහිලි විශ්වාස නොකරන තරුණියක කිසිසේත් මෙවන් බන්ධන වලට ලක් කළ නොහැකි සේම කවර හේතුවක් මත හෝ මෙවන් යෝනි මාර්ග සංකෝචනය සහ වේදනාකාරී සංසර්ගය (Dyspareunia)යන ආබාධවලින් පෙලෙන කතුන් වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වීමෙන් එම තත්ත්වයන් මඟහරවා ගත හැකි බව ද අවසන් වශයෙන් සඳහන් කළ යුතු ය.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ