රට වෙනුවෙන් එක්වන්න – මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති

රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා නැවතත් මෙහිදී කියා සිටියේය.

රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

ජනපති පුරවැසියන් අතුරින්ම කෙනකු වන අතර ඔහු වෙනම ගරු සම්මාන වලින් පූජනීයත්වයට පත් කළ යුතු නැතැයි ද තමා අද පාර්ලිමේන්තුව අමතන්නේ සෑම ලාංකිකයකුගේම ජනාධිපති ලෙස බවද සඳහන් කළේය.

කාලීන පුවත්