අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවා දින දහයකට පසු යළි එයි

දින දහයක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උල කුලපති, මාධ්‍ය ප්‍රකාශක මහචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.මෙම සිසුවා පසුගිය 02 වැනි දින නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් වී තිබිණි.සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි.සිසුවා බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දින කිහිපයක් ගතකර තිබෙන බව අනාවරණය වී ඇත.මේ අතර උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ මානසික සමතුලිතතාව බිඳී යාම සහ ඔවුන් පහසුවෙන් ඉච්ඡාභංගත්වයට පත් වීම වැනි තත්වයන් බරපතල ලෙස සිදුවීමේ නැඹුරුවක් පවතින බව මේ වන විට මනාව පැහැදිලි වෙමින් තිබේ.

කාලීන පුවත්