අද තැන තැන තද වැසි ලු

අද(03) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අතරනැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ද පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

කාලීන පුවත්