අද(07) විදුලි කප්පාදුවක් සිදුවන්නේද? නැද්ද ? යන්න පිළිබඳ තීරණය පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. අද දිනයේ විදුලි පරිභෝජනය පිළිබඳව ඒකරාශී වන දත්ත අධ්‍යයනය කර ඒ පිළිබඳ තීරණයකට එළඹිය හැකි බව සභාපති වරයා පවසයි. ඩීසල් නොමැතිවීමෙන් ඉකුත් දෙවැනිදා සිට කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම ඇනහිටීම හේතුවෙන් මෙගාවොට් 297 ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇතත .නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ පූර්ණ ධාරිතාව ප්‍රයෝජනයට ගත හැකි වීම මත ජාතික විදුලි පද්ධතියේ ඌණතාවක් ඇති නොවන නොව බව ලංකා විදුලිබල මණ්ඩලය කලින් පවසා තිබිණ.