අද සවසත් වැසි

අද(16)පස්වරු 1.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි..

කාලීන පුවත්