අද සිට වෙනස් වෙන පාස්පෝට් ගාස්තු

අයවැය යෝජනාවකට අනුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා තිබේ.

සාමාන්‍ය සේවය යටතේ විදේ‍ශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රුපියල් 3,500ක්ව පැවති ගාස්තුව රුපියල් 5,000 දක්වා ඉහළ යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කාලීන පුවත්