අදත් පැ‍ය තුන හමාරක විදුලි කප්පාදුවක්;මෙය කඩාකප්පල්කාරී වැඩකැයි ඇමති නාමල් කියයි

විදුලි බලාගාර වලින් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා නොමැති වීම මත අදත් (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි. නමුදු මෙම විදුලි කප්පාදුව සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මාර්තු 05 වැනිදා සිට විදුලිය කප්පාදුවක් නොකරන්නේ යැයි ජනාධිපතිවරයා සමග අදාළ බලධාරීන් පවසා තිබියදී තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ය. එමෙන්ම ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.නමුදු මාර්තු 05 වැනිදා සිට විදුලිය කප්පාදුවක් නොකරන්නේ යැයි ජනාධිපතිවරයා සමඟ කී බලධාරීන් කවුරුන් ද තමන් කී අන්දමට එම බලධාරීන් සම්බන්ධයෙන් නීතිමය සේම විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ කවුරුන් විසින් ද යන්න ඇමති වරයා මෙහි දී හෙළි නොකිරීම ද විශේෂත්වයකි

කාලීන පුවත්