අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

රටපුරා සියළු පාසල් භූමි විශ්ව විද්‍යාල භූමි සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන ආයතන පරිශ්‍රවල ඉඩකඩ ප්‍රයේජනයට ගනිමින් සිසුන්ගේ සහ කෘෂි උපදේශකවරුන්ගේ එකඟතාවයෙන් මෙම වගා සංග්‍රාමය ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

කාලීන පුවත්