අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ඉල්ලා අස් කර ගන්න

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටියි.එම කොමිෂන් සභාව අවධාරණය කරනුයේ රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ය.රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කොට ඇත.

කාලීන පුවත්