අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වළකින්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ එනම් ක්ෂුද්‍රජීවී නාශක භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝදය පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කරනවා නම් පිළිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත, පිළිගත් මාත්‍රාව අනූව අදාළ වෛද්‍යවරයා නියම කරන කාල සීමාව සඳහා පමණක් එම ප්‍රතිජීවක ලබාගත යුතු අතර ඇතමුන් ෆාමසිවලින් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා අතර එසේ ලබාගැනීම හා ෆාමසිවලින් එලෙස ඖෂධ නිකුත් කිරීම වැරදි බවත් ඔහු පෙන්වා දී තිබේ.

ප්‍රතිජීවක ඖෂධයක් වෛද්‍යවරයා නියම කළ දින ගණනට වඩා අඩුවෙන් ගැනීමත්, එම දින ගණනට වඩා වැඩි දින ගණනක් භාවිතා කිරීමත් නුසුදුසු බවයි සඳහන් කරයි.

කාලීන පුවත්