අන්තර් පලාත් බස් වල වැඩිපුර මුදල් ගත්තොත් ටිකට් නොදුන්නොත් 1955ට කියන්න

නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන සහ ගමනාරම්භය සහ ගමනාන්තය සහ බස් ගාස්තුව ආදී විස්තර ඇතුළත් අන්තර් පලාත් බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙසත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.මෙම නව බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එම කොමිසම දන්වා සිටියි.

කාලීන පුවත්