අන්තර් පාලන ආණ්ඩු කතා අතරේ ජනපති පත් කළ ඇමති වරුන්ගේ වැඩ ගැසට් කරයි

අන්තර් පාලන සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට කැමැත්ත පළ කොට ඒ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පත්කෙරුණු නව අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.අදාල විෂය පථයන් සම්බන්ධ ආයතනික රාමුව ද මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නවුන් පවසනුයේ රාජ්‍ය නායකයකු වශයෙන් ගනු ලබන තීන්දු තීරණ වල පාරද්‍රශ්‍යතාව තහවුරු කිරීම පිණිස ජනාධිපති වරයා ඒ සම්බන්ධ කරුණු අනාවරණය කළ යුතු බවය.මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ජනාධිපති වරයා සම්බන්ධයෙන් තමන් තුළ පැවැති විශ්වාසය බරපතල ලෙස පළුදු වී ඇති බැවින් ඔහු සමඟ තව දුරටත් සාකච්ඡා කරනවාද යන්න පිළිබඳව නැවත සිතා බැලීමට සිදුව ඇති බවකි.

කාලීන පුවත්