අන්තර් වාර පාලනයක් පිළිබඳව ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ලබාදුන් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම ඊයේ(10) ජනාධිපති මන්දිරයට රැස් වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම හා ජනාධිපති වරයා අතර ඒ සම්බන්ධ කිසිදු සංවාදයක් සිදු නොවූ බව ඊට එක් වූ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අන්තර් වාර පාලනයක් පිළිබඳව පක්ෂ 11 ලබාදුන් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවය.