අන්තර්වාර පාලනය ගැන කඹ ඇඳීමක්

අන්තර්වාර පාලනයක් බිහි කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනකුගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.ඔවුන් අතුරින් අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරිම සඳහා ගත් ජනාධිපති වරයාගේ තීරණයට තමන් කෙසේ වත් එකඟ නොවන බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතහමුවක දී කියා තිබේ. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ද එකි`නෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන පිරිස් එක්ව අන්තර්වාර පාලනයක් ක්‍රියාත්මක වන්නේ නම් එහි නායකත්වය තමන් සතු විය යුතු බවයි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සේම තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරුන් පිරිසක් කියා සිටිනුයේ තවමත් රට අගාධයට වැටීමේ නිමාවක් දක්නට නොලැබීමේ තත්වය තුළ ගත හැකි ඥානාන්විතම පියවර ජනපති වරයා සහ අගමැති වරයා බලයෙන් ඉවත් වී අන්තර්වාර පාලනයක් සඳහා අවස්ථාව දිය යුතු බවකි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණි ලෙසයි.ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මහනාහිමිවරුන් ද දැනුවත් කොට තිබේ.

කාලීන පුවත්