අද(05) පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලට විරෝධතා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ඒ අද්දර දියත උයන පරිශ්‍රයේ සිටි ව්‍යාපාරිකයන් ඇතුළු තවත් පිරිසකට එල්ල වීමෙන් ඔවුන් ද දැඩි අපහසුවට පත් ව ඇත.මේ අතර රැකියා නිමා වී ඒ අද්දර මාර්ගයෙන් නිවෙස් කරා යමින් සිටි සාමාන්‍ය ජනතාව ද මෙම කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇති අතර ඔවුන් අතර සිටි ගැබිණි මව් වරුන්ට ක්ලාන්තය සහ වමනය ඇති වූ බව ද එහි සිටින පිරිස් කියති.මේ හේතුවෙන් අද සන්ධ්‍යා භාගයේ එම ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ද ඇති වී තිබෙනු දක්නා ලදී