අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුවී ඇත.

මෙම අවස්ථාවට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය අනුර කරුණාතිලක යන අයද සහභාගි වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ,

“09 වනදා දියත් කොට තිබෙන අරගලයට අපි අපේ පැත්තෙන් සහාය ලබාදෙන්න සූදානම්. මේ උද්ඝෝෂණවලට සම්බන්ධවෙන සියලුදෙනාගෙනුත් අපි ඉල්ලා සිටිනවා..කිසිසේත්ම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන කිසිදු පුරවැසියෙක් ගලක්වත් අතින් ගන්න එපා. මෙය ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් දක්වා වර්ධනය වෙනවා නම් එහි වාසිය ආණ්ඩුවට.”

කාලීන පුවත්