අනුරාධපුර මහ නගර සභාව විසින් පොසොන් උත්සවයට සමඟාමීව සංවිධානය කර තිබූ “අනුරාධපුර පුරවර උදාන” සැණකෙළිය වහාම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නියෝග කර තිබේ..ඒ මෙම සැණකෙළිය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වන බවට දෙමව්පියන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කොට ඇති අතර මෙම සැණකෙළිය පැවැත්වීම සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සිය විරෝධය පළ කොට ඇත.නමුත් අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාව පවසනුයේ ගත වූ කොවිඩ් සමයේ බිඳ වැටී තිබූ අනුරාධපුර වෙළඳ ආර්ථිකය යළි නංවා ගැනීමට තිබූ අවස්ථාව මෙමඟින් වැලකී ගිය බවකි.