අදට(07) යෙදී ඇති ඉල් පුරපසලොස්වක පොහොය නිමිත්තෙන් කුරුණෑගල පුත්තලම් පාරෙන් පාදෙණිය හන්දියෙන් හැරෙන රාජධානී පිවිසුම මාර්ගය ඔස්සේ විශාල පිරිස් අනුරාධපුර පුදබිම වෙත ඇදෙමින් සිටින අතර ඔවුන් අතරින් සමහරකු එම මාර්ගයේ අතරමඟ හමුවන ගල්ගමුව සෙනරත්ගම,පූලංචිය වැව අද්දර පිහිටි ගිමන් හල පරිසර උද්‍යානයේ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නැරඹීමට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය මඟින් තනවන ලද එම ස්මාරකය සහිත ගිමන් හල පරිසර උද්‍යානය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කෙරේ.