අනුරපුරයෙන් කොවිඩ් යළි හිස ඔසවයි?

අනුරාධපුර නගර සභා සීමාව, ගලෙන්බිඳුනුවැව, පදවිය, තලාව සහ කහටගස්දිගිලිය වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්. බී රත්නායක මහතා සඳහන් කර සඳහන් කරයි. ඉහත සඳහන් ප්‍රදේශවල ප්‍රාථමික පාසල්වල සිසුන් හා ගුරුවරුන් පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇතැයි ද වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.මේ තත්වය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අනුරාධපුරයට පැමිණෙන වන්දනා කරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර ඉදිරි සති අන්තයේ එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැ‍යි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්