තමන්ටත් පවුලේ උදවියටත් පහර දී පොදු දේපොළවලට හානි කළ විශ්වවිද්‍යාල සිසුන් අතර අයිස් වැනි මත් ද්‍රව්‍යය භාවිත කළ පිරිස් සිටියේ ද යන සැකයක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.ඔහු පවසනුයේ සිසුන්ගේ එම හැසිරීම් රටාව වෙනදාට වඩා බෙහෙවින් අසාමාන්‍ය වූ බවකි.පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇති ඒ මහතා පදිංචිව සිටින නිල නිවසේ දී ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.”දෙසැම්බර් 31 මම විශ්‍රාම යනවා.අවුරුදු හතලිස් දෙකක මගේ සේවා කාලය තුළ මේ වගේ රෞද්‍ර හැසිරීමක් මම කවදාවත් දැකලා නැහැ.මේ ආවේගය සිසුන්ට මත්ද්‍රව්‍යය නිසා ආවද කියලා සැකයි. පේරාදෙණිය “වළේ”(සරව්චන්ද්ර එළිමහන් රංග පීඨය) අයිස් පාටියක් තිබිලා ද කියලා හිතන්න හේතු තිබෙනවා. එදා “වළ” ළඟ බයිසිකල් ගොඩක් තිබුණා. විශ්ව විද්‍යාලය ආරක්ෂිතයි කියලා අපි හිතාගෙන හිටියේ. ශිෂ්‍යයෝ අපිව බලා ගනියි කියලා හිතුවා. ඒත් විශ්ව විද්‍යාල තුළදීම මට මරණ බය දැනුනා. දීපිය තොගේ පුතාව කියලා තර්ජනය කළා.පස්සෙ නිල නිවාසේ අතුලට පැනලා අපිට පහර දීලා පොදු දේපලත් විනාශ කළා” යැයි ද මහාචාර්ය වරයා කීය.