අප්‍රියෙල් 01 සිට දුම්රිය ගාස්තුත් ඉහළට ?

අප්‍රියෙල් 01 සිට දුම්රිය ගාස්තු ද ඉහළ යාමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ ඒ සම්බන්ධ තීරණය ද මේ සතිය තුළම ගන්නා බවකි.මේ වන විට පවත්නා දුම්රිය රියැදුරු,නියාමක ඇතුළු කාර්ය මණ්ඩලය හිඟය ඉදිරි උත්සව සමය තුළ දැඩි ව බla පෑ හැකි අතර අළුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුව සැළසීම වඩාත් දුෂ්කර වන බව ය.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ දුම්රිය ධාවන බල අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කොට සිටියේ දැනට ධාවනය වන දුම්රිය සඳහා අතිරේක මැදිරි එක් කොට මඟී තදබදය අඩු කිරීම පිළිබඳව දෙපාර්තමේන්තුව සළකා බලමින් හිඳින බවකි.

කාලීන පුවත්