අප්‍රේල් මස 25 දා ඡන්දයක් ගැන හීනෙන්වත් හිතන්න බෑ

පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වනදා පැවැත්වේ යැයි තමා හීනෙන්වත් නොසිතන බවත් මැතිවරණය සඳහා මුදල් වෙන් කර ඇත්නම් ඒවා නිදහස් කරන ලෙස අධිකරණය මගින් දැනුම් දී ඇතත් එසේ නිදහස් කිරීමට මුදලක් වෙන් කර නැති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.පොහොර, ඖෂධ ගෙන්වීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු පමණක් මුදල් වෙන් කිරීම් පිළිබඳව මේ මොහොතේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඇති බව පැවසූ අමාත්‍යවරයා ප්‍රමුඛතාවයන් සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධව පැවැත්වෙන සාකච්ඡාවලදී පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කිරීම ගැන සාකච්ඡා නොවන බව ද පවසයි.

කාලීන පුවත්