අ.පො.ස අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් ඒ කාලය තුළදී විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලය ඊට නීතිමය වශයෙන් වගකිව යුතු දන්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැවතත් ලිපියක් යොමුකර තිබේ.රත්නායක මහතා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් 331,709 දෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම කාගේත් වගකීම බවය.ඔහු තවදුරටත් පවසන්නේ ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි බලය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබාදිය යුතු අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී නොමැති බවය.