ගෑස් සහ ඛනිජ තෙල් සම්බන්ධ අසීරුම කාල පරිච්ඡේදය ඉදිරි සති තුන තුළ එළඹෙනු ඇතැයි ද දැන් අප එම තත්වයට මුහුණ දෙමින් සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.ඒ ඊයේ(14)විශේෂ ප්‍රකාශයක් කරමිනි “මේ සති 03 තුළ ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට තිබෙන පෝලිම් වලින් පෙනී යනවා. දැනට ගෑස් රැගත් එක නෞකාවක් මේ වන විට ඇවිත් තියෙනවා. එම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් තිබෙනවා. මේ ගෑස් ලබා දෙන්නේ විශේෂයෙන්ම රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි කණ්ඩායම් වලට. ඊට පසුව එන ගෑස් නෞකා වලින් මාස 04කට සරිලන ගෑස් ලබා ගන්න. ඒ සඳහා දින 14ක කාලයක් ගත වෙනවා. නුමුත් අපි බලාපොරොත්තු වෙනවා; එක නැවක් හරි ලංකාවට ගෙන්න ගන්න.අපි අඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න තීරණය කළා. නමුත් අඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න පුළුවන් වන්නේ දැන් තිබෙන ඉල්ලුමෙන් සියයට 50ක් විතරයි. එකෙත් ප්‍රමුඛත්වය ලබා දෙනවා විදුලි බල උත්පාදනය, ප්‍රවාහනයට මෙන්ම තවත් අත්‍යවශ්‍ය සේවා රැසකට.මේ වගේ දැන් තියෙන ඉන්ධන තොග වලින් අපට දවස් 07කට පමණයි. නමුත් මේ මාසේ 16 වෙනිදා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනවා. ඒ වගේම තවත් ඉන්ධන නෞකා දෙකක් තියෙනවා. පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැවක් ලබා ගෙන තිබෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව මේ මාසය අවසන් වෙනකම් අපි ඉන්ධන නෞකා ලබා ගෙන තිබෙනවා.ඒ වගේම ලබන මාසයටත් අපි ඉන්ධන නෞකා දෙකක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්දියාව සමග අත්සන් කරන නව ගිවිසුම අනුව මාස 04කට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න පුළුවන්.නුමුත් මේ ඉන්ධන ලබා දෙන්නේ සීයයට 50ක ඉල්ලුමක් අනුවයි.ඉන්ධන ලබා ගැනීමේදී අපිට විදෙස් මුදල් ගැටලුව පැන නැගුණා. ඒ ගැටලුව ගැන කතා කරද්දී එක් රාජ්‍ය බැංකුවක රුපියල් තිබුණෙත් නැහැ. පස්සේ මම කැබිනට් මණ්ඩලයට ගිහින් අනුමැතිය අර ගත්තා මුදල් මුද්‍රණය කරන්න. මේ හේතුව නිසයි නව බදු පැනවීමක් සිදුකළේ. ඒ වගේම තවත් බදු කිහිපයක් පැනවීමට තියෙනවා.මේ වසර අවසන් වෙද්දී රුපියලේ හිඟකම නැති කරන්න අවශ්‍ය පියවර ගන්නවා ඒ වගේම විදෙස් සංචිත ගැටලුව නැති කර ගන්නයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය බලාපොරොත්තු වෙන්නේ” යනුවෙන් ද අගමැතිවරයා කීය.