අපිට රට හෙට බාර දෙන්න;අපි බාර අරන් රට හදන්නම්

ජනාධිපති වරයා සහ අගමැති වරයා හෙට රට බාර දෙන්නේ නම් බාර ගැනීමට පමණක් නොව රට ගොඩ නැඟීමට ද ජාතික ජන බලවේගයට හැකි බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(26) අනුරාධපුරයේ දී ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ රැලියක් අමතමිනි.රටක් කඩා වැටුණු පසු ඒ රට ගොඩ නැඟිය යුත්තේ ඒ රටේ ජනතාව බවත් විසින් බවත් ඉන්දියාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ජපානය අපේ රට ගොඩ ගනු ඇතැයි හෝ රුසියාව පසුපස යාමෙන් රට හොඳටම ගොඩ ගත හැකියැයි සිතීම වරදක් බවත් ඒ මහතා කීය.

කාලීන පුවත්