අපේ දේශීය සුනඛ ප්‍රජාව “වල් බල්ලන්” නොවේ

ඉතා දියුණුය යනුවෙන් අප උපකල්පනය කරන වත්මන් සමාජය තුළ පවත්නා දුර්මත බොහොමයකි.අප රටේ ජීවත් වන දේශීය සුනඛ ප්‍රජාව වල් බල්ලන් සේ හැඳින්වීම එවන් බරපතල දුර්මතයකි.අප එසේ පවසනුයේ ඔවුන් එසේ වල් හෝ වන(Wild )ලෙසින් හැඳින්වීමට කිසිවකුටත් කිසිදු හැකියාවක් නොමැති බැවිනි.පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති අන්දමට මීට වසර දොලොස් දහස් පන්සීයක පමණ කාලයක් තිස්සේ අප රටේ මිනිස් ජනාවාස ඇසුරේ පමණක් ජීවත් වන මෙම සුනඛ විශේෂය තුළ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ මනා හැකියාවක් ද තිබේ. එනිසා ඉතා කටුක පරිසරයක් තුළ වුවද දිවි ගෙවීමේ හැකියාව ඇත. ඉතා දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය පරිසරයේ හමුවන රෝග කාරක සඳහා ශරීරය තුළ ප්‍රවේණිගතව ගොඩනැංවී ඇති ස්වභාවික ප්‍රතිශක්තිය පරම්පරාවෙන් පරම්පරාවට සංසරණය වීමෙන් මොවුන්ට වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන්ට අවශ්‍ය ජෛවමය පසුබිමක් ගොඩනැඟී ඇත.නමුදු මොවුන් අභිජනනය කළ සුනඛ විශේෂ තරම් බුද්ධිමත් නැතැයි යන්න ද පොදු මතයකි. එහෙත්, ඒ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත.

විශේෂිත වර්ග වලට අයත් සුනඛයන් මෙන් මෙම දේශීය සුනඛයන් බුද්ධිමත් නැතැයි ඇතැමෙකු පවසනුයේ විශේෂිත සුනඛ වර්ග ඔවුනට වඩා කීකරු බවක් පළ කරන නිසා ය.කීකරු වීම හා බුද්ධිය එකක් නොවේ.බුද්ධිය යනු කිසිවකුටත් යටත් නොවී තනිව තීරණ ගැනීමට ඇති හැකියාව ය. ස්වාධීනව ජීවත් වීමේ සහජ කැමැත්තක් ඇති මෙම සුනඛ විශේෂය හාම්පුතුන්ට යටත් වීමට වඩා ඔවුන් හා මිත්‍රශීලීව කටයුතු කිරීමට සහජ කැමැත්තක් දක්වති.

විශේෂිත වර්ග වලට අයත් සුනඛයන් මෙන් මෙම දේශීය සුනඛයන් බුද්ධිමත් නැතැයි ඇතැමෙකු පවසනුයේ විශේෂිත සුනඛ වර්ග ඔවුනට වඩා කීකරු බවක් පළ කරන නිසා ය.කීකරු වීම හා බුද්ධිය එකක් නොවේ.බුද්ධිය යනු කිසිවකුටත් යටත් නොවී තනිව තීරණ ගැනීමට ඇති හැකියාව ය. ස්වාධීනව ජීවත් වීමේ සහජ කැමැත්තක් ඇති මෙම සුනඛ විශේෂය හාම්පුතුන්ට යටත් වීමට වඩා ඔවුන් හා මිත්‍රශීලීව කටයුතු කිරීමට සහජ කැමැත්තක් දක්වති. ඉතා හොඳ බුද්ධි මට්ටමකින් යුතු ඕනෑම පාරිසරික තත්ත්වයකට අනුවර්තනය වීමේ හැකියාවක් ද මොවුනට තිබේ.අද වන විට ජනාකීර්ණ නගර වල වෙසෙන මෙම සුනඛ විශේෂය මහා මාර්ග හරහා ගමන් කිරීමේ දී සුදු ඉර භාවිතා කරන බව ප්‍රසිද්ධ රහසකි, එමෙන්ම මොවුන් තම ජීවිත පරදුවට තබා මිනිස් ජීවිත බේරා ගත් අවස්ථා විශාල ගණනකි.එහෙත් ජන මාධ්‍ය මඟින් ඒවා සමාජමය කරලියට පැමිණෙනුයේ ඉතා සුළු ප්‍රමාණයකි.

වන සුනඛයන්

මෙම සුනඛ විශේෂය සංකර ( Mongrel) නමින් හැඳින්වුවද එය ද විද්‍යාත්මක නොවන්නේ ඉතා පැහැදිලි ජනාමය සහ දේහමය අනන්‍යතාවයක් මොවුන් සතු බැවිනි. අප රටේ සමහරකු මෙම සුනඛ විශේෂය ‘වල් බල්ලන්’ නමින් හැඳින්වුවද එය ඉතා වැරදි හැඳින්වීමකි. ඊට හේතුව වල් බල්ලන් ( Wild dingo) නමින් හැඳින්වෙන මිනිසුන්ට වටවී පහර දෙන (Pack hunting) වෙනම සුනඛ විශේෂ රාශියක් ලොව බොහෝ රටවලින් වාර්තා වීම ය.
එබඳු වන සුනඛයන් ස්වභාවයෙන්ම මිනිස්සුන්ට සතුරු ය. එහෙත්, අප රටේ දක්නට ලැබෙන සුනඛ විශේෂය මිනිසුන්ට අතිශයින් මිතුරු ය.මිනිසුන් ගේ ක්‍රියාකාරකම් හා ස්වකැමැත්තෙන් සම්බන්ධ වීමට තරම් බුද්ධියක් මොවුන් සතුව තිබේ. එබැවින් නිවසේ ඇති කිරීම සඳහා සුනඛයකු තෝරා ගැනීමේදී දේශීය සුනඛයකු තෝරා ගැනීම ද එක්තරා අයුරකින් වාසි දායක බව කිව යුතුය. ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන්ට එසේ හිතවත්කම් පෑමට මිනිසුන්ගෙන් ඉඩ නොලැබීම ය. ඩින්ගෝ යනු ද මෙම සුනඛ විශේෂය හැඳින්වීමට යෙදෙන නමකි.

අප රටේ සුනඛ සුරතලුන් ඇති කරන්නවුන් අතරේ පැතිර යන නවතාවයක් නම් විදේශීය සම්භවයන් ගෙන් යුත් සුනඛයන් වෙනුවට දේශීය සුනඛයන් තෝරා ගැනීමය. මෙය ගම්බදටත් වඩා නාගරික ඉහළ පැලැන්තියේ ජනතාවගේ විලාසිතාවක් බවට පත්වෙමින් තිබේ.

ඕස්ට්‍රේලියාවේ ඩින්ගෝ නමින් හැඳින්වෙන සුනඛ විශේෂ දෙකක් සිටිති. එක් විශේෂයක් වන සුනඛයන් වන අතර අනෙක් විශේෂය හීලෑ සුනඛයන්ය . ඇමෙරිකාවේ දී කැරොලිනා (Carolina) නමින් ද හැඳින්වෙන මෙම හීලෑ සුනඛ විශේෂයෙන් නිජබිම දකුණු ආසියාවේ බවට නව මතයක් තිබේ.
සුනඛයා මෙලොව බිහිවන ලද්දේ වෘකයාගෙන් බව සත්ත්ව විද්‍යාත්මක සහ සත්ත්ව පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු වී තිබේ. වෘකයා විද්‍යාත්මකව අනෙස් ජුජුස් යනුවෙන් හැඳින්වෙන අතර එහි උප විශේෂයක් වන ගෘහස්ථ සුනඛයා Carnis lupus famililiaris යනුවෙන් හැඳින්වේ. මේ අතර 1788 වසරේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ගේට් ජැක්සන් හි ජනාවාස ඉදි කරවූ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එවක ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ආදි වාසීන් ඇසුරෙහි සිටි වන සුනඛ විශේෂයක් හඳුනාගෙන ඇති අතර ඔවුන් වන ඩිංගෝ (Wild dingo)යනුවෙන් අද ද හැඳින්වෙති. පසුව සිදු කෙරුණු පර්යේෂණ වලදී මෙම සුනඛ විශේෂය ජාන වල පවත්නා දෙමුහුන් ස්වභාවයක් මත මොවුන් අර්ධ සුනඛ අර්ධ වෘක ස්වරූපයක් පළ කරන බව අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම සුනඛ විශේෂය cඅනිස් ජුජුස් ඩින්ගො යනුවෙන් වෙනම උප විශේෂයක් සේ හඳුන්වා දීමට සත්ව විද්‍යාඥයන්ට සිදුවිය.

වන සුනඛයන්

මේ අතර අප රටේ සුනඛ සුරතලුන් ඇති කරන්නවුන් අතරේ පැතිර යන නවතාවයක් නම් විදේශීය සම්භවයන් ගෙන් යුත් සුනඛයන් වෙනුවට දේශීය සුනඛයන් තෝරා ගැනීමය. මෙය ගම්බදටත් වඩා නාගරික ඉහළ පැලැන්තියේ ජනතාවගේ විලාසිතාවක් බවට පත්වෙමින් තිබේ.අප ගේ වැටහීම අනුව දේශීය සුනඛ ප්‍රජාව සම්බන්ධ මෙම විශේෂ සමාජ අවධානය යොමු වන ලද්දේ 1980 දශකයේ නාගරික මධ්‍යම පාන්තික වනිතාවන් පිරිසක ගේ මූලිකත්වයෙනි.අප රටේ විවිධ සමාජමය ප්‍රගමනයක් උදෙසා කාන්තා මූලිකත්වය ලැබී ඇතත් ඉතා අවාසනාවන්ත ලෙස ඒවා පසුකාලීනව සමාජයෙන් යටපත් වන බවක් පෙනෙයි.එමෙන්ම මානව බුද්ධි පරිනාමයේ තවත් විශිෂ්ඨතම මං සළකුණක් සටහන් වූ අප රටේ දේශීය සුනඛ ප්‍රජාව කෙරෙහි ඇල්ම බැල්ම පාමින් ඔවුන් ගේ මතු යහපත උදෙසා කටයුතු කළ එම වනිතාවනට ද නිසි බුහුමන් දැක්වීම ද අප සතු කාලීන මෙහෙවරකි.

ඉන්දු පෙරේරා

 

සතුන්ටත් හිමි අපේ ලෝකය