ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ වායුගෝලයේ යම්කිසි මීදුම් ස්වභාවයක් පැවති අතර මේ වන විට එය පහව ගොස් ඇති බව පැවසෙන මුත් නැවත මතු විය නොහැක්කක් නොවේ. මේ පිළිබඳ සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ එය මීදුම් ස්වභාවයක් නොව වායුගෝලයේ දූවිලි අංශුවලින් ගහන වීම නිසා ඇති වූ තත්ත්වයක් බවය. අප මෙසේ අත්දකින වායු දූෂණය අතීතයේ නොපැවති තත්ත්වයක් වූ අතර මෑතක සිට වරින් වර මතු වෙනු දකිනු හැකිය. මේ වායු දූෂණය දකුණු ආසියාවේ පාරිසරික මෙන්ම මහජන සෞඛ්‍යය අතින් ද අභියෝගයක් වෙමින් පවතී. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව ආදී දකුණු ආසියානු රටවල මිලියන ගණනක ජනතාවක් මේ නිසා දැඩි සෞඛ්‍ය අර්බුදයකට ලක් වෙමින් සිටිති. වායුගෝලයේ මෙසේ දූවිලි අංශු විසින් ගහන වීම නිතරම පාහේ ඉන්දියාවේ දකින්නට ලැබෙන අතර ඒ තත්ත්වය ඉන්දියාවේ සිට අනෙක් රටවල්වලට ද ව්‍යාප්ත වෙමින් තිබේ.
දකුණු ආසියාවේ වායු දූෂණය ස්වාභාවික මෙන්ම මිනිසා විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය. මේ කලාපයේ වේගයෙන් සිදු වන නාගරීකරණය, කාර්මීකරණය සහ ජනගහනය වර්ධනය මේ ගැටලුව තවත් තීව්ර කර තිබේ. වායු දූෂණයට හේතුවන කාරණා අපට මෙසේ පෙළගැස්විය හැකිය.
ඉන් එකක් වන්නේ වාහනවලින් විමෝචනය වන දුමාරයයි. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල වාහන භාවිතය වැඩි වීමත් සමග කාබන් මොනොක්සයිඩ්, නයිට්රජන් ඔක්සයිඩ් සහ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter – PM2.5 සහ PM10 අතර) ඉහළ නැගීමක් සිදුව තිබේ. මෙහි PM යන්නෙන් ‘අංශුමය ද්‍රව්‍ය’ හැඳින්වෙන අතර 2.5 යනු මයික්‍රොමීටර් 2.5ක විශ්කම්භයකින් යුක්ත දූවිලි අංශු වන අතර PM10 යනු මයික්‍රෝමීටර් 10ක විශ්කම්භයකින් යුක්ත දූවිලි අංශුය. මෙය මනිනු ලබන්නේ ඝන මීටරයක දූවිලි අංශු මයික්රෝග්රෑම් කොපමණ තිබේද යන්න මතය. සාමාන්‍යයෙන් නිර්දේශ කොට ඇත්තේ පැය 24ක කාලයක් තුළ PM2.5 ද්‍රව්‍ය 5 µg/m³ වශයෙන් සහ PM10 ද්‍රව්‍ය 15 µg/m³ වශයෙනි. අපට ආසන්න ඉන්දියාවේ මේ තත්ත්වය පවතින්නේ පැය 24 ක කාලයකට PM2.5 ද්‍රව්‍ය 60 µg/m³ සහ PM10 ද්‍රව්‍ය 100 µg/m³ ලෙසිනි. අපට බලපාන්නේ ද මේ තත්ත්වය ය. තත්ත්වය කෙතරම් බරපතලදැයි මෙයින් අවබෝධ කර ගත හැකිය.
සාමාන්‍යයෙන් වායු දූෂණයක් සිදුව ඇති දැයි දැනගත හැකි වන්නේ ‘වායු ගුණත්ව දර්ශකය’ (Air Quality Index – AQI) මගිනි. වායුවේ ඇති දූෂණ කාරක එක්රොක් වීම සහ ඒවායෙන් ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම මෙහිදී සලකා බලනු ලබයි. වායු ගුණත්ව දර්ශකය සඳහා ප්‍රධාන වශයෙන් දූෂණ කාරක පහක් පිළිබඳ සලකා බලනු ලබයි. මේ දූෂණ කාරක 5 වන්නේ අප ඉහතින් කතා කළ PM2.5 සහ PM10 යන අංශුමය ද්‍රව්‍ය (particulate matter), පොළොව මට්ටමේ ඇති ඕසෝන්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්රජන් ඔක්සයිඩ් යන ඒවාය. මේ සෑම දූෂණ කාරකයකටම අගයක් ලබා දී ඇති අතර ඉහළතම අගය යම්කිසි දෙනු ලැබූ ස්ථානයක සමස්ත වායු දූෂණය නිර්ණය කිරීමේ දී සලකා බලනු ලබයි.
නාගරීකරණය ක්‍රියකාරකම් ද වායු දූෂණය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. කර්මාන්ත ශාලා සහ බලශක්ති නිපදවන මධ්‍යස්ථානවලින් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්රජන් ඔක්සයිඩ් සහ අංශුමය ද්‍රව්‍ය විශාල වශයෙන් වායුගෝලයට එක් කරනු ලබයි. දකුණු ආසියාවේ බොහෝ කර්මාන්ත සඳහා භාවිත වන්නේ ගල් අඟුරු සහ අනෙකුත් පොසිල ඉන්ධනයන් වන අතර මේවා ප්‍රධාන පෙළේ දූෂණ කාරක වේ.
මෙහිදී 0 – 50 අතර තිබේ නම් යහපත් ලෙස ද, 51 – 100 අතර නම් මධ්‍යස්ථ ලෙස ද, 101 – 200 අතර නම් සෞඛ්‍ය සම්පන්න නොවන ලෙස ද, 201 – 300 අතර නම් ඉතාමත් සෞඛ්‍ය සම්පන්න නොවන ලෙස ද, 310 – 500 අතර නම් හදිසි තත්වයක් සහ සමස්ත ජනගහනයම අවදානම් තත්ත්වයක පවතින ලෙසින් ද වර්ග කොට තිබේ. පසුගිය දා ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ථානවලින් 100 කට වැඩි අගයක් පෙන්නුම් කරනු ලැබිණි. දකුණු ආසියාව ගතහොත් දිල්ලි, ඩකා සහ කත්මන්දු වැනි නගරවල ඇත්තේ සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමේ වායු ගුණත්වයකි. විශේෂයෙන් සිසිර ඍතුවේ දී දූෂණ කාරක පොළොව මට්ටමට වඩාත් ආසන්නව පවතී.
නාගරීකරණය ක්‍රියකාරකම් ද වායු දූෂණය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. කර්මාන්ත ශාලා සහ බලශක්ති නිපදවන මධ්‍යස්ථානවලින් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්රජන් ඔක්සයිඩ් සහ අංශුමය ද්‍රව්‍ය විශාල වශයෙන් වායුගෝලයට එක් කරනු ලබයි. දකුණු ආසියාවේ බොහෝ කර්මාන්ත සඳහා භාවිත වන්නේ ගල් අඟුරු සහ අනෙකුත් පොසිල ඉන්ධනයන් වන අතර මේවා ප්‍රධාන පෙළේ දූෂණ කාරක වේ.
කෘෂිකාර්මික අංශු වශයෙන් නම් කොට ඇති ද්‍රව්‍යයන් ද වායු දූෂණයට ඍජු දායකත්වයක් සපයයි. ශේෂ වී ඇති බෝග පිලිස්සීම නිසා උතුරු ඉන්දියාවේ සහ පකිස්තානයේ දුම් සහ අංශුමය ද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් වායුගෝලයට එක් වේ. අස්වනු නෙළීමෙන් පසු සමයේ මේ තත්ත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවතී.
වේගවත් කාර්මීකරණය නිසා දැවැන්ත ඉදිකිරීම් ද අඛණ්ඩව සිදු වන අතර මේ හේතුවෙන් දූවිලි ඇති වීම සහ අංශුමය ද්‍රව්‍ය එක්වීම දකින්නට ලැබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෑතක දී දකින්නට ලැබුණු මීදුම් ස්වභාවයට විශාල වශයෙන් හේතු වූයේ මේ දූවිලි අංශුය.
ඉන්දියාවේ සහ පකිස්තානයේ ආහාර පිසීමේ කටයුතු සඳහා දර සහ ගොම වැනි ජීව ස්කන්ධ ද්‍රව්‍ය පිළිස්සීම වායු දූෂණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එමෙන්ම විශේෂයෙන් ඉන්දියාවේ දිවාලි වැනි උත්සව අවස්ථාවල දී දල්වනු ලබන ගිනිකෙළි ද්‍රව්‍ය වායු ගුණත්වය අයහපත් තත්ත්වයකට පත් කරන්නට දැඩි දායකත්වයක් සපයයි. මේ ගිනිකෙළිවලින් ඇති වන දුමාරය ඉන්දීය සීමාව ඉක්මවා ගොස් ශ්‍රී ලංකාව, නේපාලය වැනි තදාසන්න රටවල් කරා ද පැතිර යයි.
වායු දූෂණය යනු ‘දකුණු ආසියාවේ නිහඬ මාරයා’ ලෙස මේ වන විට හඳුන්වන්නට පටන් ගෙන තිබේ. State of Global Air Report 2020 වාර්තාවට අනුව ගෝලීය වශයෙන් සිදු වන අකල් මරණවලට හේතු වන සිව්වැනි සාධකය වන්නේ වායු දූෂණය ය. මෙය දකුණු ආසියාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ. 2019 වසරේ දී ඉන්දියාවේ වායු දූෂණය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 1.6 කට අධිකය. පකිස්තානයේ සහ බංගලාදේශයේ මේ සංඛ්‍යාලේඛන පිළිවෙළින් 128,000 සහ 173,000 ක් වේ. ඊට අමතරව ඇදුම, පෙනහළු පිළිකා වැනි ස්වසන රෝග මේ කලාපයේ වර්ධනය වෙමින් පවතී.
වායු දූෂණය නිසා ආඝාත සහ අධික රුධිර පීඩනය වැනි හෘද රෝගවල වර්ධනයට හේතු වී තිබේ. PM2.5වල ඉහළ මට්ටම ආයු අපේක්ෂණය වසර කිහිපයකින් අඩු කරන බැවින් අකල් මරණ සිදු වීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබේ. එමෙන්ම වායු දූෂණය නිසා කුඩා දරුවන්ගේ පෙනහළු ශක්තිමත් ලෙස වර්ධනය වීම සහ සංජානන හැකියාවන් වර්ධනය පහළ යාමට හේතුවක් වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ මේ තත්ත්වය ඉන්දියාව සහ බංග්ලාදේශය තරමට තීව්ර වී නැති නමුත් වායු දූෂණය දිනෙන් දින වර්ධනය වීම කිසිසේත්ම නොසලකා සිටිය හැකි කාරණයක් නොවේ. මෑතක දී සිදු වූ දූවිලි අංශුවල වර්ධනය සම්බන්ධ කාරණය මහජන සෞඛ්‍ය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න ද ඉඩ තිබේ.
මේ ප්‍රවණතාව අඛණ්ඩවම පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ දකුණු ආසියාව ඉතාමත් අයහපත් කලාපයක් බවට පත් වන්නට ඉඩ තිබේ. මේ කලාපයේ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර ඒ නිසාම බලශක්තිය, ප්‍රවාහනය සහ කාර්මික නිෂ්පාදන කෙරෙහි ඇති ඉල්ලුම ද වේගයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික රටාවන්ගේ වෙනස්වීම් නිසා නිතර ඇති වන දූවිලි කුණාටු සහ ලැව් ගිනි ද මේ තත්ත්වය තවත් තීව්ර කළ හැකිය. එමෙන්ම වායු දූෂණය යම්කිසි රටක දේශසීමා ඉක්මවා ව්‍යාප්ත වන බැවින් මෙය සමස්ත කලාපයේම ගැටලුවක් බවට පත්වන්නට ඉඩ තිබේ. කෙසේ නමුත් මේ අවදානම් තත්ත්වය අවබෝධ කර ගනිමින් පුද්ගලික සහ රාජ්‍ය මට්ටමින් සාධනීය තීරණ සහ පියවර ගතහොත් මේ අවදානම් තත්ත්වයෙන් මිදිය හැකිය.
පාරිසරික කාරණා සම්බන්ධයෙන් ඇති නීතිරීති දැඩි කිරීම, පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු යෙදීම, පොදු ප්‍රවාහනය දියුණු කිරීම, වායු ගුණත්වය නිරතුරු අධීක්ෂණයට ලක් කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාව ඇතිව මේ තත්ත්වයට මුහුණ දීමට පියවර ගැනීම වැනි කාර්යයන් රාජ්‍ය මට්ටමින් ගත හැකි ඒවා වේ. මෙහි දී රජයයකට පැවරෙන වගකීම ඉතා වැදගත්ය. පරිසරය සුරක්ෂිත කිරීම ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කළ යුතු අතර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය වෙනුවෙන් වූ අරමුදල් ඉහළ දැමිය යුතුය. වායු දූෂණයේ ඇති අවදානම් සහගත බව පිළිබඳ මහජනතාව නිතර දැනුවත් කළ යුතුය. ඊට අමතරව වායු දූෂණය පාලනය කිරීමේ කාර්යයන් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගත යුතු වේ.
මෙහිදී වාහන භාවිතය අවම කිරීම, පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිතයට ගැනීම, කුණුකසල පිලිස්සීමෙන් වැළකීම, රුක් රෝපණය, N95 වර්ගයේ මුව ආවරණ නිතර පැලඳීම පුද්ගලික වශයෙන් ගත හැකි පියවර අතර වේ.
එමෙන්ම පාරිසරික කාරණා සම්බන්ධයෙන් ඇති නීතිරීති දැඩි කිරීම, පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු යෙදීම, පොදු ප්‍රවාහනය දියුණු කිරීම, වායු ගුණත්වය නිරතුරු අධීක්ෂණයට ලක් කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාව ඇතිව මේ තත්ත්වයට මුහුණ දීමට පියවර ගැනීම වැනි කාර්යයන් රාජ්‍ය මට්ටමින් ගත හැකි ඒවා වේ. මෙහි දී රජයයකට පැවරෙන වගකීම ඉතා වැදගත්ය. පරිසරය සුරක්ෂිත කිරීම ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කළ යුතු අතර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය වෙනුවෙන් වූ අරමුදල් ඉහළ දැමිය යුතුය. වායු දූෂණයේ ඇති අවදානම් සහගත බව පිළිබඳ මහජනතාව නිතර දැනුවත් කළ යුතුය. ඊට අමතරව වායු දූෂණය පාලනය කිරීමේ කාර්යයන් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගත යුතු වේ.
දකුණු ආසියාවේ වායු දූෂණය ඉතා සංකීර්ණ මෙන්ම බහු මුහුණුවරකින් පවතින ඉතා ඉක්මනින් අවධානය යොමු විය යුතු ගැටලුවක් බවට පත්ව තිබේ. ගැටලුව තියුණු වුවත්, එය ජය ගත නොහැක්කක් නොවේ. මෙයට හේතුවන කාරණා අවබෝධ කර ගැනීම, වායු ගුණත්වය නිතර ඵලදායි ලෙස අධීක්ෂණය කිරීම, පුද්ගලික සහ රාජ්‍ය මට්ටමින් සාධනීය පියවර ගැනීම තුළින් පිරිසිදු වායු ගුණත්වයක් ඇති පරිසරයක් අනාගතයේ දී ඇති කර ගැනීමේ අරමුණ ඉටු කර ගත හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක