අපේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වුණා දැයි නිල වශයෙන් කියන්නැයි බලශක්ති අමාත්‍යාංශය අදානි ග්‍රීන් එනර්ජි සමාගමට කීවේ ඇයි?

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති වලින් ඉවත්වී ඇත්දැයි නිල වශයෙන් දැනුම් දෙන්නැයි ඉන්දියානු අදානි ග්‍රීන් එනර්ජි සමාගමට බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇතත් මේ වන තෙක් එම සමාගම ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ ලිපිය යොමු කර ලබා දුන් සති දෙකක කාලය ඊයේ (06) දිනයෙන් අවසන් වූ බව ද පැවසෙයි.අදානි ග්‍රීන් එනර්ජි සමාගමට පසුගිය පෙබරවාරි 21 වැනි දා මේ බව දැනුම් දුන් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඔවුන් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන්නේ නම් ඒ බව නිල වශයෙන් දැනුම් දිය යුතුව ඇති බවකි.

බලශක්ති අමාත්‍යාංශය එසේ ප්‍රකාශ කළ ද අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත 2025 පෙබරවාරි 13 වන දා ලිපියක් යොමු කොට දන්වා තිබුණේ තම සමාගම අදාළ ව්‍යාපෘති ඉවත්වන බව ය.මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් සිය කැමැත්තෙන්ම ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම පසුගිය මාසයේ තීරණය කරන ලද බව එමඟින් දැනුම් දී තිබේ. මෙය ,ගෞරවාන්විත ලෙස ඉවත් වීමක්, බවත් ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් එම ලිපිය මඟින් ඔවුන් ප්‍රකාශ කර ඇත.ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන ඇතත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිශ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බව පවසා ඇති අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ දක්වා ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන පහක් පමණ වැය කර තිබෙන බවත් සිය ලිපියේ සඳහන් කර තිබේ. මෙම සුළං විදුලි බලාගාරය සහ එහි නිපදවන විදුලි බලය, ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනිමට සැළසුම් කර තිබූ මිල පිළිබදව පසුගිය දිනවල සමාජය තුළ කිසියම් සංවාදාත්මක තත්වයක් ඇතිව තිබූ අතර අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමඟ මෙම ව්‍යාපෘතිය හා අනුශංගික කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරිමේ අවශ්‍යතාවය වත්මන් ආණ්ඩුව විසින් ද පෙන්වා දී තිබිණ.

මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් මිස ශ්‍රී ලංකාවේ අනාගත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම පවසා නොමැත.එවන් පසුබිමක බලශක්ති අමාත්‍යාංශය විසින් මීට සති දෙකකට පෙර අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් යළි එම ප්‍රශ්නයම විමසා සිටීම ද ප්‍රශ්නකාරී වේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.

එමෙන්ම වත්මන් ආණ්ඩුව පසුගිය ජනපතිවරණ සහ මහ මැතිවරණ වේදිකාවල අදානි නාමය බරපතල විවේචන වලට බඳුන් කළ ආකාරය ද ඔවුන් දැන නොසිටින්නට හේතුවක් නැත.එවන් තත්වයක් යටතේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් සිය කැමැත්තෙන්ම ඉවත් වන බව එහි හවුල්කාර ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත දන්වා තිබීම නිල වශයෙන් දැනුම් දීමක් නොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසනුයේ කවර හේතු පදනම් කරගෙන ද යන්න ප්‍රශ්න සහගත ය.එමෙන්ම මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් මිස ශ්‍රී ලංකාවේ අනාගත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම පවසා නොමැත.එවන් පසුබිමක බලශක්ති අමාත්‍යාංශය විසින් මීට සති දෙකකට පෙර අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් යළි එම ප්‍රශ්නයම විමසා සිටීම ද ප්‍රශ්නකාරී වේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත. මෙම සංචාරය අප්‍රේල් 5 වැනි දිනට ආසන්න දිනයක සිදුවනු ඇති බව ද වාර්තා වේ.මෙම සංචාරය සිදුවන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලි නුවර සිදුකළ සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි ට කරන ලද විශේෂ ආරාධනයක් මත බව ද සඳහන් ය.. ජනාධිපති දිසානායක ඉන්දියාවේ නිල සංචාරයේ දී දෙරට අතර පවතින දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය නායකයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.එමෙන්ම ජනාධිපති වරයා මෙම ඉන්දීය සංචාරයෙන් පසුව කළ චීන සංචාරයත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ NXT සමුළුවට ගිය අවස්ථාවේ ඉන්දීය අගමැති මෝදු හමුවීමත් මීට සමාන්තර සිදුවීම් දෙකකි.

ඉන්දීය ආර්ථිකයේ ප්‍රබල බල කනුවක් වන අදානි සමූහයට අයත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් සිය කැමැත්තෙන්ම ඉවත් වීම සැබෑ කැමැත්තක් මත සිදු වූවක් ද යන්න සැක සහිත ය.ඒ සම්බන්ධයෙන් පසුගිය NXT සමුළුවට එක් වීමට ගිය හිටපු ජනාධිපති වරයා එම සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව සිය අප්‍රසාදය අනියමින් පළ කොට තිබේ.ඒ සමඟම ඔහු පවසා ඇත්තේ “ආණ්ඩුව කුමක් කරන්නේ ද යන්න බලා සිටින බව ය.

ඉන්දීය අගමැති වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියානු ආයෝජන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වේ මේ අතර ප්‍රමුඛතම ව්‍යාපෘති ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට යෝජිත සුළං හා සූර්ය බලශක්ති ව්‍යාපෘති, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නවීකරණය සහ භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය, සහ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම ආදිය ද මෙම සාකච්ඡා වලට ඇතුළත් වන බව පැවසෙයි.
නමුදු එවන් පසුබිමක ඉන්දීය ආර්ථිකයේ ප්‍රබල බල කනුවක් වන අදානි සමූහයට අයත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් සිය කැමැත්තෙන්ම ඉවත් වීම සැබෑ කැමැත්තක් මත සිදු වූවක් ද යන්න සැක සහිත ය.ඒ සම්බන්ධයෙන් පසුගිය NXT සමුළුවට එක් වීමට ගිය හිටපු ජනාධිපති වරයා එම සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව සිය අප්‍රසාදය අනියමින් පළ කොට තිබේ.ඒ සමඟම ඔහු පවසා ඇත්තේ “ආණ්ඩුව කුමක් කරන්නේ ද යන්න බලා සිටින බව ය.එහි දී ඔහු වෙතට චීනය සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිහිපයක් යොමු වී ඇති අතර හිටපු ජනාධිපති වරයා ඒවාට දී ඇති පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය : අපි දැක්කා මාස කිහිපයකට කලින් චීනයෙන් ලංකාවට පර්යේෂණ නැව් වගයක් ආවා. ඉන්දියාවේ අවධානය ඊට යොමු වුණා ?

රනිල් වික්‍රමසිංහ :චීනය වගේම තවත් රටවල් කිහිපයක් පර්යේෂණ නෞකා එවලා තිබුණා. මම එය නවත්වලා අධ්‍යයනය කළා. එහි දී අපි දැක්කා අනිත් රටවල් පර්යේෂණ කරනවා.
නමුත් ඒවායින් අපිට කිසිම වාණිජ ප්‍රතිලාභයක් නැහැ. වාණිජ ප්‍රතිලාභයක් ලැබෙන විදිහට අපි නීතියක් ගෙන ආ යුතුයි. පාර්ලිමේන්තුව ඒ ගැන බලයි කියලා මම හිතනවා. මම හිතන්නේ ඊට වඩා පුළුල්ව. ඇයි කිසිම වාණිජ ප්‍රතිලාභයක් නැතුව අපේ මුහුදට එන්න ඉඩ දෙන්නේ?

ප්‍රශ්නය : චීනය සහ ඉන්දියාව දබර කරද්දී ඔබට වාසියක් තියෙනවාද?

රනිල් වික්‍රමසිංහ :ඉන්දියාව දන්නවා සෙල්ලම කරන්න ඕන විදිහ. ඉතින් අපි කොහොමද සටනකට මැදිවෙන්නේ?( සිනාසෙමින් ) ඔයාලා ඔයාලගේ සෙල්ලම කරනවා. අපි අපේ සෙල්ලම කරනවා.
හිටපු ජනාධිපති වරයාගේ මෙම ප්‍රකාශය හා අදානි සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත 2025 පෙබරවාරි 13 වන දා මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් සිය කැමැත්තෙන්ම ඉවත් වන බවට නිල වශයෙන් දන්වා සිටියදීත් ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත්වී ඇත්දැයි නිල වශයෙන් දැනුම් දෙන්නැයි ඉන්දියානු අදානි ග්‍රීන් එනර්ජි සමාගමට බලශක්ති අමාත්‍යාංශය නැවත දන්වා සිටීම අතර බැලූ බැල්මටම නොපෙනෙන කුමක් හෝ අන්තර් සම්බන්ධතාවක් නැත්තටම නැතැයි කිව නොහැක.එය සමහර විට සෙල්ලම් කරමින් සිටින අතරේ එක් දරුවකු තවත් දරුවකුට “මම ඔයත් එක්ක තරහයි “කී විට අනෙක් දරුවා එසේ කී දරුවාගේ උර මතට අතක් තබා ” ඔයා මාත් එක්ක ඇත්තටම තරහද?” යනුවෙන් ඇසීම වැනි සුන්දර බොළඳ ප්‍රකාශයක් වීමට ද ඉතා කුඩා ඉඩ හසරක් තිබේ.එහෙත් ප්‍රශ්නය වනුයේ ඒ ඉල්ලීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම ප්‍රතිචාර නොදැක්වීම ය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර