අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වසා දැමෙයි

දිගු කාලයක් මුළුල්ලේ මෙරට ජනතාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිහිටුවීමෙන් පසු විදුලි සංදේශ දෙපාර්තමේන්තුව අවලංගු විය.මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්. ඒ. එස්විජයරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කාලීන පුවත්