අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්

පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ වෙළෙඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අදාළ වැටලීම් ආරම්භ කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්