අභිනව පාප් ධුරය සඳහා සුදුසු කාදිනල් වරයා තීරණය කිරීම ලබන මාසයේ රහසිගතව රැස්වන කාදිනල් සමුළුවකදී සිදුවන බව වතිකානු ආරංචි මාර්ග පවසයි. දොරටු වසා පවත්වනු ලබන එම රැස්වීම මැයි 7 වන දින සිස්ටයින් දේවස්ථානය තුළ ආරම්භ කිරීමට නියමිත ය. ලොව පුරා කාදිනල්වරු 135 ක් පමණ ඊට සහභාගී වනු ඇත. නමුත් රහස් ඡන්දයකින් වතිකානු සම්ප්‍රදායන් අනුව අභිනව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට ගතවන කාලය පිළිබඳ නිශ්චිතව සඳහන් නොවේ.