අයදුම්පත් 90,000න් 45,000කට සරසවි වරම්

මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා අයදුම්පත් 90,000ක් පමණ ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

සිසුන් 45,000ක් විශ්වවිද්‍යාලවලට මෙවර තෝරා ගැනීම සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය.

විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම මේ වන විට සියයට 95ක් අවසන් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

කාලීන පුවත්