මේ වනවිට බංග්ලාදේශයේ සිදුවන දේවල් ගැන ලොව බොහෝ දෙනා සිටින්නේ විශාල අවධානයකින්. ලක් වැසියන් ද මේ ගැන ලොකු උනන්දුවකින් සිටින බව රහසක් නොවෙයි. එයට එක් හේතුවක් වන්නේ බංග්ලාදේශයේ පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කලකට පෙර ලංකාවේ සිදු වූ දේට බොහෝ දුරට සමාන වීමයි.
එරට හිටපු අගමැතිනිය ෂෙයික් හසීනා විශ්ව විද්‍යාල සිසුන් නායකත්වය දුන් ජනතා නැගිටීමක් තුළින් බලයෙන් පහ කිරීමෙන් පසු මේ වනවිට අන්තර්වාර ආණ්ඩුවක් පත් කර තිබෙනවා. නැවත මහා මැතිවරණයක් පවත්වා ස්ථිර ආණ්ඩුවක් පත් කරගන්නා තුරු බංග්ලාදේශය පාලනය කරනු ඇත්තේ මෙම අන්තර්වාර ආණ්ඩුව යි. මෙම ආණ්ඩුවේ කැබිනට් සාමාජිකයන් පසුගිය 8 වැනි දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මෙය සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ නමුත්, මෙම සාමාජිකයන් හඳුන්වන්නේ ඇමැතිවරුන් හැටියට නොව උපදේශකයන් හැටියට බවයි පැවසෙන්නේ. මෙය සම්බන්ධයෙන් ඇති අපූරු කාරණයක් වන්නේ හසීනා එළවීමේ ජන අරගලයට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් දෙදෙනකු ද එම අන්තර්වාර කැබිනට් මණ්ඩලයට ඇතුළත් වීම යි. ඒ, නහිඩ් ඉස්ලාම් සහ අසිෆ් මහ්මුඩ් නැමැති ශිෂ්‍ය නායකයන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු විසි ගණන්වල පසුවන්නන්.
බංග්ලාදේශයේ ජනතා නැගිටීම ඇති වූයේ එරට රජයේ රැකියා ලබා දීමේ දී අනුගමනය කළ ප්රතිපත්තියකට එරෙහිව සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් හැටියට යි. සිසුන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරය පසුව වඩාත් පුළුල් අරගලයක් බවට පරිවර්තනය වුණා. මෙම විරෝධතාවල දී 400 කට ආසන්න පිරිසක් මරණයටත් පත් වුණා.
නහිඩ් ඉස්ලාම් පත් කර තිබෙන්නේ තොරතුරු තාක්ෂණ කටයුතු පිලිබඳ උපදේශක (ඇමැති) හැටියට යි. අසිෆ් මහ්මුඩ් ක්‍රීඩා කටයුතු පිලිබඳ උපදේශක (ඇමැති) ලෙස පත් කර තිබෙනවා. මෙය ඉතා විශේෂ කාරණයක් ලෙස සැලකිය හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ.
බංග්ලාදේශයේ ජනතා නැගිටීම ඇති වූයේ එරට රජයේ රැකියා ලබා දීමේ දී අනුගමනය කළ ප්රතිපත්තියකට එරෙහිව සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් හැටියට යි. සිසුන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරය පසුව වඩාත් පුළුල් අරගලයක් බවට පරිවර්තනය වුණා. මෙම විරෝධතාවල දී 400 කට ආසන්න පිරිසක් මරණයටත් පත් වුණා.
මෙම අන්තර්වාර ආණ්ඩුවේ නායකත්වය දරන්නේ මහාචාර්ය මුහමඩ් යූනුස්. ඔහු තමයි මේ මොහොතේ බංග්ලාදේශයේ නායකයා ලෙස සැලකිය හැක්කේ. මේ වනවිට 84 වැනි වියෙහි පසුවන ඔහු ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් දිනා ගත් කෙනෙකු වන අතර නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවෙක්. ආර්ථික විද්‍යාඥයෙකු ද වන ඔහු වඩාත්ම ප්‍රසිද්ධියක් දිනා ගත්තේ බංග්ලාදේශයේ දිළිඳු ජනයා එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කරන ලද සේවය නිසා යි.
එරට ක්ෂුද්‍ර ණය සංකල්පයේ නිර්මාතෘවරයා වූයේ ඔහු යි. මෙහි දී සිදු වූයේ සාමාන්‍ය බැංකුවලින් ණය ගැනීමට තරම් හැකියාවක් නැති දිළිඳු ජනතාවට කුඩා ණය ලබා ගත හැකි ක්‍රමයක් ඇති කිරීමයි. මේ වෙනුවෙන් ඔහු ග්‍රාමීන් බැංකුව නමින් බැංකුවකුත් ආරම්භ කළා. දිළිඳු ජනතාවට මේ ආකාරයෙන් ණය ලබා දී ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමයි මෙහි දී සිදු වූයේ. එරට යාචකයන්ව සිටි අය පවා මෙම බැංකුව හරහා ණය ලබා ගෙන ස්වයං රැකියාවලට යොමු වූ බව පැවසෙනවා.
යූනුස්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ 2006 වසරේ යි. එම ත්‍යාගය පිරිනැමුවේත් දිළිඳුකම පිටුදැකීම සඳහා කළ සේවය වෙනුවෙනු යි. ඔහුට මෙන්ම ඔහු විසින් පිහිටුවන ලද ග්‍රාමීන් බැංකුවටත් එම සම්මානය පිරිනමනු ලැබුවා.
අන්තර්වාර ආණ්ඩුවේ නායකයා ලෙස යූනුස්ව තෝරා ගනිද්දී ඔහු සිටියේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ඔහු එහි ගොස් සිටියේ ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා යි. බ්‍රහස්පතින්දා ඔහු පැරිසියේ සිට බංග්ලාදේශය වෙත පැමිණියා.
යූනුස් සහ හිටපු අගමැතිනි හසීනා සැලකුණේ දරුණු ප්‍රතිවාදීන් දෙදෙනකු හැටියට යි. ඔවුන් අතර විරසකය උත්සන්න වූයේ 2007 වසරේ යූනුස් තමාගේම දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වූ අවස්ථාවේ බව පැවසෙනවා. කෙසේ නමුත් එම පක්ෂය පිහිටුවීමේ අදහස යූනුස් පසුව අත්හැර දමා තිබුණා.
සිය නව ධුරයේ දිව්රුම් දීමෙන් පසු යූනුස් එරට තරුණ පරපුරෙන් විශේෂ ඉල්ලීමක් කළා. බංග්ලාදේශය නැවත ගොඩ නැගීම සදහා තමාට උදව් වන ලෙස යි ඒ.
පසුගිය දිනවල ඇති වූ සිසු විරෝධතා අතර මිය ගිය අයට ගෞරවය දැක්වීමට ද ඔහු පියවර ගත්තා. ඔහු ඔවුන් හැඳින්වූයේ බංග්ලාදේශයට නව ජීවයක් ලබා දීම සඳහා දිවි පිදූවන් පිරිසක් හැටියට යි. හසීනා ධුරයෙන් ඉවත්ව රටින් පලා ගිය දිනය බංග්ලාදේශය දෙවැනි වරටත් නිදහස ලැබූ දිනය ලෙසයි යූනුස් හැඳින්වූයේ.
හසීනා ගේ පාලන කාලයේ ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල වුණා. කම්කරු නීති උල්ලංඝනය කිරීම් පිලිබඳ චෝදනා ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තා. පසුගිය ජනවාරි මාසයේ ඔහුට සිර දඬුවමක් පවා නියම කෙරුණු අතර පසුගිය දිනවල යූනුස් සිටියේ ඇප මත යි. තමාට එරෙහිව එල්ල වන චෝදනා ඔහු සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒවා දේශපාලන අරමුණු මත එල්ල කළ ඒවා බවයි යූනුස් පවසන්නේ.

නිහාල් පීරිස්