අරගල වලදී අත් අඩංගුවට පත් කිසිවකුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගන්නේ නැහැ

අරගල වලදී අත් අඩංගුවට පත් කිසිවකුත් ත්‍රස්තවාදය යටතේ රඳවා ගැනීමට අපේක්ෂා නොකරන බවත් මූලික අයිතිවාසිකම් යනු පුද්ගලයකුගේ මෙන්ම සැමගේ අයිතිවාසිකම් බවත් ඒ අනුව පොලීසිය මහජන උද්ඝෝෂණ වල දී සිදුවන මහජන අවහිරතා ගැනත් සලකා බලා ඒ අනුව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.ඒ අද(31) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.එමෙන්ම ඊයේ කොළඹ පැවැති උද්ඝෝෂණයේ දී අත් අඩංගුවට පත් වූ සරසවි සිසුන් ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හරින ලදී.

කාලීන පුවත්