අර්ධ සුඛෝපභෝගී බස් බලපත‍්‍ර 430 ක් අහෝසි කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්

අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත‍්‍ර 430 ක් අහෝසි කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇත.ඒ එම සංගමය සහ එහි සාමාජිකයන් 28 දෙනෙකු ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සළකා බැලිමෙන් අනතුරුව ය.අදාළ පෙත්සම පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වැනිදා පැවැත්වීමට නියෝග කර ඇති අතර එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප‍්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු වගඋත්තරකරුවන් 30 දෙනෙකු වෙත නොතීසි ද නිකුත් කර තිබේ.

කාලීන පුවත්