” අල කීයද ලූණු කීයද ?” යන ප්රශ්නය තමන් අදටත් අහන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඔහු පසුගිය කාලයේ වේදිකා මතට නැඟී” අල කීයද ලූණු කීයද ” යනුවෙන් කෑගසා ඇසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මේ මොහොතේ සන්ධාන ගතවෙන සියල්ලන් අවසානයේදී රොක් වන්නේ තම පක්ෂය වටා බව ය.යම් පිරිසක් පක්ෂය හැරදමා ගියත් නැවත තම පක්ෂයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් තවමත් තම පක්ෂයේ සැලුන් දොර විවෘත බවත් හිටපු ජනාධිපති වරයා සඳහන් කර සිටියේ ය.