අල් ජසීරා මාධ්‍යවේදිනිය වෙඩි තබා ඝාතනය කෙරේ

පලස්තීන-ඇමරිකානු අල් ජසීරා මාධ්‍යවේදිනියක වන ශිරීන් අබු අක්ලේ පසුගිය බදාදා බටහිර ඉවුරේ ජෙනින් නගරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුමක් ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි පහරකින් ඝාතනයට ලක් විය. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබුෙණ් සජීවී උණ්ඩයකින් ඇයගේ හිසට වෙඩි වැදී ඇති අතර ඉන් සුලු වේලාවකට පසු ඇයගේ මරණය සිදු වූ බවට තහවුරු කර ඇති බවයි. අබු අක්ලේගේ කැමරා ශිල්පියා සහ නිෂ්පාදකවරයා වූ අලි අල්-සමුදි ටද වෙඩි තබා ඇති අතර ඔහු ස්ථාවර තත්ත්වයට පත් ෙවමින් පසුවන බව අමාත්‍යාංශය පවසයි.

අරාබි ලෝකයේ ප්‍රමුඛතම මාධ්‍යවේදිනියක වන 51 හැවිරිදි අබු අක්ලේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් හිතාමතාම ඉලක්ක කර මරා දැමූ බවට අල් ජසීරා චෝදනා කර ඇති අතර මෙම ඝාතනය හෙළා දකින ලෙසත් මෙයට ඊශ්‍රායලය වගකිව යුතු බවට චෝදනා කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ඇයගේ මරණය සම්බන්ධ යම් යම් සිදුවීම් මේ දක්වාත් අපැහැදිලි ය. ඇසින් දුටු සාක්ෂිකරුවන් තිදෙනෙකු CNN වෙත පැවසුවේ ඊශ්‍රායල හමුදා විසින් මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ බවත් එම අවස්ථාවේ මාධ්‍යවේදීන් අසල පලස්තීන සටන්කාමීන් නොසිටි බවත්ය. “ඊශ්‍රායල් හමුදාව අපිට වෙඩි තිබ්බා,” වෙඩි වැදී තුවාල ලැබූ නිෂ්පාදක සමුදී පැවසීය. “පලස්තීන තුවක්කුකරුවෙකු එම ස්ථානයේ සිටියේ නෑ. මෙය ඊශ්‍රායෙලයේ වැඩක්.” ඔහු තවදුරටත් කියා තිබිණි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ එහි ආරක්ෂක හමුදා “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා” එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ බවත්, එම අවස්ථාවේ පලස්තීන සැකකරුවන් සහ ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාර එල්ල කළ බවත්ය.

“අසල පිහිටි ජෙනින් සරණාගත කඳවුරේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස, සැකකරුවන් හමුදාවට දැඩි ලෙස වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය විසි කළ අතර හමුදාව වෙඩි තැබීමෙන් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීය.” IDF පැවසීය. පසුව ප්‍රකාශයක් කරමින්, IDF මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් අවිව් කොචවි එම ස්ථාවරය මෘදු කරන බවක් පෙනෙන්නට තිබුණි: “පලස්තීනුවන් අපගේ හමුදාවන් සිටි සෑම දිශාවකටම පුළුල් ලෙස වෙඩි තැබූ අතර, වෙඩි පහර පතිත වූයේ කුමන තැන්වලට ද යන්න පවා අපි දැන සිටියේ නෑ. මේ අවස්ථාවේදී ඇයට වැදුනේ කුමන වෙඩි පහරකින්ද යන්න තීරණය කළ නොහැක.” යැයි ද “සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් විමර්ශනය කරන බව ද” කොචවි වැඩිදුරටත් පැවසීය.

ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ මෙහෙයුම් වේගවත් කර තිබේ. ප්‍රහාරකයින් කිහිප දෙනෙකු ජෙනින් ප්‍රදේශයේ සිට ඇත.

මේ පිළිබදව තුවාල ලැබූ තවත් අල් ජසීරා මාධ්‍යවේදියෙකු මෙසේ පවසා තිබිණි. “අපි රැස්කරගෙන ඇති තොරතුරුවලට අනුව, මාධ්‍යවේදිනියගේ අවාසනාවන්ත මරණයට වගකිවයුත්තේ ආයුධ සන්නද්ධ පලස්තීනුවන්.” බවයි.

IDF සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ඊශ්‍රායල නිලධාරීන්, මිනිසෙක් මංතීරුවකට වෙඩි තබන ආකාරය සහ ජෙනින් සරණාගත කඳවුරට දිව යන මිනිසුන් සොල්දාදුවෙකුට පහර දීම සහ කෑගසන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මෙම ඝාතනයෙන් පසු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු CNN වෙත පැවසුවේ බදාදා උදෑසන සටන්කාමීන් සමඟ ඇති වූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් දෙදෙනෙකුට තුවාල සිදු වූ බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජෙනින්ගේ ප්‍රධාන රෝහල සීඑන්එන් වෙත පැවසුවේ ජෙනින් හි ඇති වූ ගැටුම් වලින් පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු පමණක් මිය ගිය බවයි. ඊශ්‍රායල හමුදාව ඔවුන් පහර දුන් මිනිසුන්ගේ අනන්‍යතාවය හෙළි නොකළ අතර ඔවුන් “සටන්කාමීන්” යැයි කියා සිටියහ.

CNN විසින් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට බහුවිධ වීඩියෝ භූ ස්ථානගත කර වීඩියෝගත කර ඇත. ඒ්වායේ මෙම සිදුවීම පැහැදිලිව රූගත වී ඇති අතර, සීඑන්එන් ඒවා රූගත කළේ කුමන දිනයකද යන්න සහ ඒවා අබු අක්ලේ රූගත කිරීමට පෙර හෝ පසුව රූගත කළේද යන්න පැහැදිලිව සදහන් කර තිබේ. අබු අක්ලේගේ වෙඩි තැබීමෙන් පසු වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ ඇය වෙඩි වදින අවස්ථාවේ හිස්වැස්මක් සහ “ප්‍රෙස්” යනුවෙන් ලියා ඇති වෙඩි නොවදින කබායක් ද පැළඳ සිටි බවයි. සීඑන්එන් විසින් ලබාගත් වීඩියෝ පටයේ දැක්වෙන්නේ අබු අක්ලේගේ සිරුර බිම වැටී සිටියදී නැවත නැවතත් වෙඩි තබනු ලබන අතර, සෙසු මාධ්‍යවේදීන් ඇයව බේරා ගැනීමට උත්සාහ කරමින් සහ උපකාර ඉල්ලා කෑගසන ආකාරයයි. වෙඩි උණ්ඩයේ තුවාලයෙන් ඇගේ මුහුණෙන් අධික ලෙස ලේ ගලමින් තිබූ බව වීඩියෝවේ දැක්වේ.

මේ අතර මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අදාළ බලධාරීින්ගෙන් ඉල්ලා සිටියි. එය විනිවිද භාවයකින් යුත් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් වියයුතු බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දුලංජලී මුතුවාඩිගේ

 

 

එතෙර - මෙතෙර