මෙරට අලි – මිනිස් ගැටුමට තිරසර විසඳුම් සොයන තායිලන්ත දුත කණ්ඩායමක් පරිසර අමාත්‍යංශයේ දී පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී අලි ඇතුන් සහ ප්‍රජාව මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් දිර්ඝව අදහස් හුවමාරු කර ගෙන තිබේ.
තායිලන්ත පාර්ලිමේන්තුවේ “වන අලින්ගෙන් ගැටලු පිළිබඳවත් බලපෑමට ලක්වන ප්‍රජාවට වන්දි ගෙවීමේ ක්‍රියා මාර්ග පිළිබදවත් අධික්ෂණය හා අධ්‍යයනය කිරිමේ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ” නියෝජනය කරනු ලබන පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් සය දෙනෙකු ඇතුළුව පහලොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දුත පිරිසට අයත්.
විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ දෙරටේ අත්දැකිම් තුළින් අලි ඇතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජිවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට තිරසර ක්රමවේදයක කඩිනම් අවශ්‍යතාවය පැන නැඟි ඇති බවටයි.