අවුරුදු කාලෙටවත් ගල් අරක්කු මිල අඩු කරන්න රටේ සාමාන්‍ය ජනතාවට එළඹෙන අලුත් අවුරුද්දට මත්පැන් ලබා ගැනීම පිණිස අති විශේෂ හෙවත් ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සදහන් කරයි.මත්පැන්හල් වල වැඩිපුරම අලෙවි වන ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බවත් අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.මේ වනවිට ජනතාව වැඩි වැඩියෙන් කසිප්පු පානයට හුරු වන බැවින් අවුරුදු කාලයටවත් අඩු මිලට ගල් අරක්කු ජනතාවට ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීය.