කිසියම් පිරිසක් විසින් අවුකන පිළිමයට සිවුරක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇති බව වැඩ බලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ ඒ ඩී ආර් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පවසනුයේ පුරා වස්තු ආඥා පනත යටතේ අත් අඩංගුවට පත් වන අයකුට අධිකරණයෙන් ඇප ලබා ගැනීමට පවා නොහැකි බවකි.එමෙන්ම එම සිවුර පෙරවීමෙන් පසු වැස්සක් පැවතියේ නම් සිවුරේ ඇති රසායනික ද්‍රව්‍ය වලින් පිළිමයට යම් හානියක් වීමට ඉඩ තිබු බව ද ඇය කියා සිටියි.මෙරට කලා නිර්මාණ අතර අවුකන බුදු පිළිමයට සුවිශේෂි ස්ථානයක් පවතින අතර මෙරට ශෛලමය බුද්ධ ප්‍රතිමා අතර මුදුන් මල් කඩක් බඳු අවුකන පිළිමයට පසුගිය 27 වන පුන් පෝදා කිසියම් පිරිසක් සිවුරු අන්දන ඡායාරූප සමාජ මාධ්‍ය වල සංසරණය විය.පසුව එය වෛද්‍ය වරයකු වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින මුත් කිසිදු වෛද්‍ය සභාවකට අයත් නොවූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද ක්‍රියාවක් බව තහවුරු වී තිබේ.ඒ සඳහා කිනම් හෝ කරුණක් මත අවුකන රජ මහා විහාරාධිපති හිමියන් ගේ අවසරය ගෙන තිබූ අතර ඒ හිමියන් පසුව මාධ්‍යයට පවසා තිබුණේ ඒ අවස්ථාවේ දී පුරා විද්‍යා නිලධාරීන් ද එහි රැඳී සිට මේ සඳහා අවසර ලබා දුන් බවකි.නමුත් පුන් පෝදා රජයේ නිවාඩු දිනයක් බැවින් එවැන්නක් සිදුව නොමැති බව පවසන වැඩ බලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරිය පවසනුයේ මෙබඳු ක්‍රියාවන්ට එහෙහිව එවැනි පියවර නොගතහොත් ඉන් වැරදි ආදර්ශයක් සමාජගත වන බවකි.