අවුරුදු කාලේ ආහාර හිඟය වලක්වන්න බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටජනාධිපතිවරයා ඊයේ (07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කොට තිබේ.එමෙන්ම දැනට රේගුව භාරයේ ඇති ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.
.

කාලීන පුවත්