දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව පළ වී තිබේ. ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.
ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුව යටතේ ස්ථාපිත කෙරෙන අධීක්ෂණ කාරක සභා 7 න් 3 ක සභාපති ධුර විපක්ෂයට ලබාදීමට එකඟතාව පළවී ඇත.
එම ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සමාලෝචනයට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත සියලු අමාත්‍යාංශ විෂය පථයන් ආවරණය වන පරිදි නව කාරක සභා පත් කෙරෙනු ඇත.
මේ අතර දසවැනි පාර්ලිමේන්තුව තුළ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට ද, පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ එකඟතාව පළවී තිබේ.